මුල් ප්රභවය
පිලිකාවේ අවධිය සහ ඔබ ලබන ප්‍රතිකාරයේ ස්වභාවය මත පියයුරු පිළිකාව මගින් ඔබගේ එදිනෙදා ජීවිතයට විවිධ ආකාරයට බලපෑම් ඇති විය හැකිය. කාන්තාවන් තම රෝග විනිශ්චය සහ ප්‍රතිකාර දරා ගන්නා ආකාරය කෙසේද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. නමුත් ඔබට අවශ්‍ය නම් විවිධ ආකාරයේ සහයන් ඇත. ඒවා සියල්ල සියලු දෙනාට ප්‍රතිඵලදායක නොවිය හැකිය. නමුත් ඒවායින් එකක් හෝ කිහිපයක් උපකාරි විය යුතුය. ඔබට පහත දේවල් කළ හැකියි:
සුවය ලැබීම-පියයුරු පිලිකාවෙන් පෙලෙන බොහෝ කාන්තාවන් ප්‍රතිකාරයේ කොටසක් ලෙස සැත්කමකට මුහුණ දෙනු ලබයි. සැත්කමෙන් පසුව සාමාන්‍ය තත්ත්වයට පත් වීමට මද කාලයක් ගතවිය හැකිය. දේවල් සෙමින් සිදු කිරීම සහ ඔබට නැවත සුව වීමට මද කාලයක් ලබා දීම වැදගත් වේ. මෙම කාල සීමාව තුලදී, කුඩා දරුවන් වඩා ගැනීම හෝ බරැති මලු එසවීම වැනි බර ඉසිලීමෙන් වැලකිය යුතුය. එසේම නිවස තුලදී ද බර වැඩ කිරීමෙන් වලකින්න. එසේම රථ වාහන පැදවීමෙන් වැලකීමට ද ඔබට උපදෙස් දෙනු ඇත. සැත්කමකට පසුව සුවය ලබා ගැනීම පිලිබඳව වැඩිදුරටත් කියවන්න. විකිරණ චිකිත්සාව (Radiotheraphy)සහ රසායනික චිකිත්සක ප්‍රතිකාර (Chemotherapy) වැනි අනෙකුත් ප්‍රතිකාර ක්‍රම මගින් ඔබට දැඩි වෙහෙසකාරී බවක් ඇතිකල හැකිය. ඔබගේ සමහර සාමාන්‍ය වැඩ කටයුතු වලින් කෙටි කාලයකට විවේකයක් ගැනීමට ඔබට සිදුවිය හැකිය. ඔබගේ පවුලේ අයගෙන් සහ හිතමිතුරන්ගෙන් උපකාර ඉල්ලීමට බිය නොවන්න. පසු විපරම-ඔබගේ ප්‍රතිකාර අවසන් වූ පසුව, පළමු වසර ඇතුළත සාමාන්‍යයෙන් සෑම මාස තුනකට ම වරක් නිතිපතා පරීක්ෂණ සඳහා ඔබව කැඳවනු ඇත. ඔබට තිබුණේ පූර්ව පියයුරු පිළිකා තත්ත්වයක් නම්, ඔබගේ ප්‍රතිකාර අවසන් වූ පසුව ඔබගේ සෞඛ්‍යය සේවා කණ්ඩායම ඔබ සමග සේවා සැලසුමක් සාකච්ඡා කර තීරණය කරනු ඇත. මෙම සැලසුමට ඔබගේ තත්ත්වය පසු විපරම් කිරීම පිලිබඳව සම්පූර්ණ තොරතුරු ඇතුළත් වේ. ඔබට එම සැලසුමෙහි පිටපතක් ලබා දෙනු ඇත. එසේම එය ඔබගේ වෛද්‍යවරයාටද යවනු ඇත. නිතිපතා පරීක්ෂා අතරතුරදී, ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබගේ කායික පරීක්ෂණ සිදු කර සහ ඇතැම් විට රුධිර පරීක්ෂා හෝ x-කිරණ චායාරූප මගින් ඔබගේ පිළිකා තත්ත්වය ප්‍රතිකාර වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි බලනු ඇත. ඔබගේ ප්‍රතිකාර අවසන්වීමෙන් පසුව පලමු වසර 5 ඇතුලත සෑම වසරකටම වරක් ඔබට මැමෝග්රෑම් (Mammogram) පරීක්ෂණයක් සිදු කල යුතුය. දිගුකාලීන සංකූලතා-එය ඉතාමත් දුර්ලභ වුවත්, ඔබට පියයුරු පිළිකාවට සිදුකරන ප්‍රතිකාර මගින් නව ගැටලු ඇති විය හැකිය. එනම්:
ඉහත සඳහන් කළ ඒවා හෝ අනෙකුත් දීර්ඝකාලීන බලපෑම් ප්‍රතිකාර මගින් ඔබට ඇති වුවහොත් ඔබගේ සෞඛ්‍ය සේවා කණ්ඩායම සමග සාකච්ඡා කරන්න.
ඔබගේ ශරීරයට සිදුවන වෙනස්කම් සමග ගනු දෙනු කිරීම-පියයුරු පිළිකාවක් ඇති බවට රෝග විනිශ්චය ලැබීමෙන් ඔබ ඔබගේ ශරීරය පිළිබඳව සිතන ආකාරය වෙනස් විය හැකිය. පියයුරු පිළිකාවට ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඇතිවන ශරීර වෙනස්කම් වලට විවිධ කාන්තාවන් විවිධ ආකාරයට ප්‍රතිචාර දක්වයි. සමහර කාන්තාවන් ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වන නමුත් සමහරු එය දරාගැනීමට අපහසු දෙයක් ලෙස සිතයි. ඔබගේ ශරීරයට සිදු වූ වෙනස්කම් පිළිගැනීමට ඔබට යම් කාලයක් ලබා දීම වැදගත් වේ. පූර්ව ආර්තවහරණයට ලක්වීම-බොහෝවිට පියයුරු පිලිකා තත්ව ඇති වන්නේ වයස අවුරුදු 50ට වැඩි ආර්තවහරණයට ලක්වූ කාන්තාවන්ට වේ. නමුත් සමහර විට තරුණ කාන්තාවන්ට පියයුරු පිළිකා ඇති වූ විට, එම ප්‍රතිකාර හේතුවෙන් පූර්ව ආර්තවහරණයට ලක් වීමට සිදුවේ. රෝග ලක්ෂණ වලට:
ඔබට ඇතිවූ ඕනෑම රෝග ලක්ෂණයක් පිළිබඳව ඔබගේ සෞඛ්‍ය සේවා කණ්ඩායම සමඟ සාකච්ඡා කරන්න. ඔවුන්ට ඔබට උපකාර කළ හැකි වනු ඇත. ප්රොස්තතික (Prosthesis)-බාහිර පියයුරු ප්රොස්තතිකයක් යනු ඔබට පිටතින් පැළඳිය හැකි කෘතිම පියයුරකි. එමගින් ඔබගේ ඉවත් කළ පියයුරෙහි ප්‍රමාණය ප්‍රතිස්ථාපනය කළ හැකිය. පියයුරු ඉවත් කිරීමේ සැත්කමට පසු ව, සැත්කමෙන් හෝ විකිරණ චිකිත්සාවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශය සුව වන තුරු ඇදීමට ඔබට සැහැල්ලු ස්පොන්ජිමය පියයුරක් ලබා දෙනු ඇත. එය සුව වූ පසු ඔබට සිලිකා වලින් සාදා ඇති ප්රොස්තතික පියයුරක් ලබාදෙනු ඇත. මෙම ප්රොස්තතික විවිධ හැඩවලින් සහ ප්‍රමාණ වලින් ඇත. ඔබට ගැලපෙන ආකාරය තෝරා ගැනීමට ඔබට හැකි විය යුතුය. නැවත ගොඩනැංවීම-පියයුරු ඉවත් කිරීමේ සැත්කමට වහාම පසුව පියයුරු නැවත ගොඩනැංවීමේ සැත්කමක් ඔබට සිදු නොකළේ නම් ඔබට එය පසුව කරගත හැකිය. මෙය, පසු කල නැවත ගොඩනැංවීමේ සැත්කම (Delayed reconstruction) ලෙස හඳුන්වයි. පියයුරු නැවත ගොඩනැංවීමේ ප්‍රධාන ආකාර දෙකක් ඇත:
ඔබට වඩාත්ම ගැළපෙන ආකාරය, ඔබට සිදු කල ප්‍රතිකාරය, දැනටමත් සිදු කරගෙන යන ප්‍රතිකාර සහ ඔබගේ පියයුරෙහි ප්‍රමාණය වැනි විවිධ සාධක මත රඳා පැවතිය හැකි ය. ඔබ ට සුදුසු නැවත ගොඩනැංවීමේ ක්‍රමය පිළිබඳව ඔබගේ සෞඛ්‍ය සේවා කණ්ඩායම සමඟ සාකච්ඡා කරන්න.
ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමඟ ඇති සබඳතා- පිළිකාව පිළිබඳව කතාබහ කිරීම ඔබට හෝ ඔබගේ පවුලේ අය සහ මිතුරන්ට ද සෑමවිටම පහසු කටයුත්තක් නොවේ. සමහර පුද්ගලයන් ඔබ අසලදී අපහසුතාවයට පත්වන බව හෝ ඔබව මග හරින බව ඔබට දැනිය හැකිය. ඔබගේ සිතුවිලි පිළිබඳ ව සහ ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට ඔබට උපකාරයක් වීමට සිදු කළ හැකි දේවල් පිළිබඳව විවෘතව කථා කිරීම මගින් ඔවුන්ට පහසුවක් ඇති වනු ඇත. කෙසේ වෙතත් ඔබට අවශ්‍ය වන්නේ ඔබ වෙනුවෙන් යම් කාලයක් වෙන්කර ගැනීමට නම් එය ඔවුන්ට පැවසීමට බිය නොවන්න. ඔබගේ ලිංගික ජීවිතය- පියයුරු පිළිකාව සහ එහි ප්‍රතිකාර මගින් ඔබගේ ලිංගික ජීවිතයට බලපෑම් ඇති කළ හැකිය. පියයුරු පිළිකාවට ප්‍රතිකාර කිරීමෙන් පසු ලිංගික ආශාවන් අහිමිවීම කාන්තාවන්ට සුලබ වේ. ඔබගේ ප්රතිකාරවලින් පසුව ඔබට ඉතා වෙහෙසකාරී ස්වභාවයක් දැනෙනු ඇත. පියයුරු පිළිකාවක් ඇති බවට රෝග විනිශ්චය ලැබීම පිළිබඳව ඔබට කම්පනයක්, ව්‍යාකූල බවක් හෝ මානසික අවපීඩනයට ලක් වීමක් ඇතිවිය හැකිය. ඔබගේ ශරීරයට ඇතිවූ වෙනස්කම් පිළිබඳව සිත් තැවුලක්, ඔබගේ පියයුර හෝ ඇතැම් අවස්ථාවලදී සරුභාවය අහිමිවීම පිළිබඳව ශෝකයක් ඔබට ඇතිවිය හැකිය. මෙම සියල්ල දරාගන්නා අතරතුරදී, ලිංගික සබඳතා පැවැත්වීමට ආශාවක් ඔබට නොමැති වීම සාධාරණ බව තේරුම් ගත හැකිය. ඔබගේ හැඟීම් ඔබගේ සහකරුවා සමඟ බෙදා ගැනීමට උත්සාහ කරන්න. ලිංගික සබඳතා පිළිබඳ ගැටලු කාලයත් සමඟ යථා තත්ත්වයට පත් නොවන්නේ නම්, ඔබට උපදේශකවරයෙකු හෝ තෙරපිවරයෙකු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය වනු ඇත.
ඔබගේ පිළිකා තත්වය හෝ ප්‍රතිකාර පිළිබඳව ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට ඔබගේ වෛද්‍යවරයාට හෝ හෙදියට හැකියාව ඇත. පුහුණු උපදේශක වරයකු, මානසික වෛද්‍යවරයෙකු හෝ විශේෂඥ පුහුණුවක් ඇති පුද්ගලයෙකු සමග සාකච්ඡා කිරීම මගින් ඔබට උපකාරයක් විය හැකිය. ප්‍රාදේශීය සහය කණ්ඩායමක දී හෝ අන්තර්ජාලය හරහා හෝ පියයුරු පිළිකාවෙන් පෙලෙන අනෙකුත් පුද්ගලයන් සමග කතාබහ කිරීම මගින් සමහර පුද්ගලයන්ට උපකාරයක් විය හැකි ය.